Grand Opening of Scout Headquarters 5th Story Building in Sri lanka!

Grand Opening of Scout Headquarters 5th Story Building in Sri lanka!

නව ශ‍්‍රී ලංකා ප‍්‍රධාන බාලදක්‍ෂ මුලස්ථානය ජනාධිපතිතුමාගේ සුරතින් විවෘත කෙරේ! ශ‍්‍රි ලංකාවේ බාලදක්‍ෂ කටයුතු ආරම්භ කර වසර 103 ක ඉතිහාසයෙහි ස්ථර ගොඩනැගිල්ලක් නොමැතිව තැනින් තැනට මාරුවෙමින් පැවති ජාතික බාලදක්ෂ මූලස්ථානය කොළඹ පිහිටි දේශීය අාදායම් ගොඩනැගිල්ලට සිදු කළ මරාගෙන මැරෙන ත්‍රස්ත ගුවන් ප්‍රහාරය හේතුවෙන් විනාශ වූ අතර, වත්මන් ශ‍්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයේ සභාපති සි බටුවන්ගල මහතා ප‍්‍රධාන කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ අවධියෙහි දැවැන්ත කැපකිරීම් හා වෙහෙසක් කැප කොට අාරම්භ කළ මෙම පස් මහල් ගොඩනැගිල්ලෙහි වැඩ කටයුතු මේ වනවිට නිමා වී තිබේ. වාස්තු විද්‍යාඥ ජාතික භාරයේ සභාපති, ප්‍රවීන වාස්තු විද්‍යාඥ, සම්මානනීය මහාචාර්ය, ප‍්‍රධාන කොමසාරිස් නිමල් ද සිල්වා මහතාගේ නිර්මාණකි. ට්රියෝ හා ෆෙයාර්වේ හොල්ඩින්ස් ආයතන විසින් ඉදිකිරීම් කටයුතු සිදුකර අැත. නව මුලස්ථාන ගොඩනැගිල්ල ශ‍්‍රී ලංකා ප‍්‍රධාන බාලදක්‍ෂ ගරු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් 2015 දෙසැම්බර් මස 22 වන දින උත්සවශ‍්‍රීයෙන් විවෘත කිරීමට නියමිතය. අධ්‍යාපන අමාත්‍ය නිතිඥ අකිල විරාජ් කාරියවසම්, ප‍්‍රධාන කොමසාරිස් මහචාර්ය නිමල් ද සිල්වා, ශ‍්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයේ සභාපති සි බටුවන්ගල, ඇතුළු බාලදක්‍ෂ කොමසාරිස්වරුන්, දිස්ත‍්‍රීක් බාලදක්‍ෂ නායක නායිකාවන් බාලදක්‍ෂ දරු දැරියන් හා ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වීමට නියමිතය. News: Scouting Magazine - Sri lanka
Number of participants
1000
Service hours
5
Topics
Youth Programme
SDGS

Share via

Share